
පරිසර ඇමතිත් හිටිය අලි – මිනිස් ගැටුම් කළමනාකරණ රැස්වීම රත්වේ
මාතලේ දිස්ත්‍රික්කය අලි මිනිස් ගැටුම කළමනාකරණය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික බටබැඳිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පැවැත් වුණා.
මාතලේට පැමිණි අලි රංචුවක් පළවා හැරීම සඳහා දින දහ අටක මෙහෙයුමක් පැවති අතර අලි කන්දෙන් ඒ පැත්තට පන්නනවා, මේ පැත්තට පන්නනවා, අලි වෙඩි හත්දාහක් දැම්මා දවසට පැය තුනයි අලි මෙහෙයුම වනජීවී නිලධාරීන් එම වැඩසටහන කර ඇරියා යැයි ප්‍රදේශවාසී ක්‍රියාකරුවකුගෙන් චෝදනා එල්ල වුණා.
මෙම සංවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා පැවසුවේ ” දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ලෙස සියලු පහසුකම් වනජීවී නිලධාරීන්ට සැපයු නමුත්, ඔවුන් වාහන දහයක් තියෙනවා කියලා, දැන් කියනවා අපි දැක්කේ එක වාහනයයි. වැඩේ සිදුවුණේ නෑ.”
” අලි ඇවිත් ඉන්නවා කියලා කිව්වහම වන ජීවි නිලධාරීන් කියනව එන්න විදිහක් නැහැ, වාහනේට තෙල් නෑ කිව්වා.” ස්වේච්ඡා සංවිධාන නියෝජිතයකු එහි දී චෝදනා කළා.
