පලස්තීනය සඳහා ඇති UN නියෝජිතායතනයට කැනඩාවෙන් අරමුදල්

පලස්තීනය සඳහා ඇති UN නියෝජිතායතනයට කැනඩාවෙන් අරමුදල්

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාරයට UNRWA සාමාජිකයන් කිහිප දෙනෙකු සම්බන්ධ බව සොයාගැනීමෙන් පසු පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන UNRWA වෙත ආධාර යැවීම කැනඩාව නතර කර තිබුණා.

UNRWA කාර්ය මණ්ඩලය සම්බන්ධ වූ බවට වන සාක්ෂි ඊශ්‍රායලය විසින් ඉදිරිපත් කිරීමෙන් පසු අරමුදල් නැවැත්වු කැනඩාව රටවල් 16ට කැනඩාවද අයත් වූ බව සඳහන්.

කැනේඩියානු මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන අතරතුර අරමුදල් නැවත ආරම්භ කරන බවයි.

2022 දත්තවලට අනුව කැනඩාව UNRWA අයවැය සඳහා 11 වන විශාලතම දායකයා වනවා.

අරමුදල් නැවත ආරම්භ කිරීමේ තීරණය කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය අහමඩ් හුසන් විසින් ඊයේ(08) ප්‍රකාශයට පත් කළා.

චෝදනා සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින ශක්තිමත් විමර්ශන ක්‍රියාවලිය පිළිගැනීමක් ලෙස මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කරන්නේ.

Share This