පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කළ බවට ඊශ්‍රායලයට චෝදනා

පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කළ බවට ඊශ්‍රායලයට චෝදනා

ඊශ්‍රායල හමුදාවන්ට කිසිදු තර්ජනයක් එල්ල නොකළ සන්නද්ධ කණ්ඩායම් සමගද කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ පලස්තීන සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කළ බවට ඊශ්‍රායලයට චෝදනා එල්ලවී තිබෙනවා

ජෙනින් නගරයේ සිට කිලෝමීටර් 10ක් දුරින් පිහිටි අල්-ෂුහාඩා ගම්මානය හරහා මාර්ගය අසල ගින්නක් වටා වාඩි වී සිටි මිනිසුන් හත් දෙනෙක් ඔවුන්ගෙන් ජනවාරි 7 වන දින මුලදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

මරා දැමූ 7දෙනාගෙන් සිව් දෙනෙක් සහෝදරයන් බවයි සඳහන් වූයේ

මෙම පුද්ගලයින් සන්නද්ධ සටන්කාමී කණ්ඩායම්වල සාමාජිකයින් නොවන බවටත්, ඊශ්‍රායල හමුදා සමග කිසිදු ගැටුමක් සිදු නොවූ බවටත් එම ස්ථානයේ සිටි අය සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා

අලා, හසා, අහමඩ් සහ රමි ඩර්වීෂ් යන සහෝදරයන් සිව්දෙනා වයස අවුරුදු 22 සහ 29 අතර වූ බවද වාර්තා වනවා .

ඔවුන් තම මව සහ සහෝදර සහෝදරියන් පස් දෙනෙකු සමග මීට වසර කිහිපයකට පෙර ජෝර්දානයේ සිට ආපසු පැමිණි පලස්තීන සංක්‍රමණිකයන් බවයි පැවසෙන්නේ

සෑම දිනකම කෘෂිකාර්මික කටයුතු සඳහා ඊශ්‍රායලයට යාමට ඔවුන්ට ඊශ්‍රායල බලපත්‍ර ලබා දී තිබුණ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This