ප්‍රංශයේ මසුන් ඇල්ලීම තාවකාලිකව තහනම්

ප්‍රංශයේ මසුන් ඇල්ලීම තාවකාලිකව තහනම්

ඩොල්ෆින් මසුන් ආරක්ෂා කිරීම සඳහා Biscay බොක්කෙහි මසුන් ඇල්ලීම තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

එම තහනම ලබන සඳුදා(22) සිට පෙබරවාරි 20 දක්වා ක්‍රියාත්මක වන අතර එය එරට අත්ලාන්තික් වෙරළට ඔබ්බෙන් වන ධීවර කලාපවලට බලපෑම් එල්ල කරන බව සඳහන්.

ප්‍රංශ සමුද්‍ර විශේෂඥයින් නිගමනය කර ඇත්තේ ධීවර ආම්පන්නවලට හසුවීමෙන් සෑම වසරකම ඩොල්ෆින් 9,000 ක් පමණ Biscay බොක්කෙහි මිය යන බවයි.

දේශීය ධීවරයින් පවසන්නේ තහනම අසාධාරණ බවත් ඔවුන්ට මුදල් අහිමි වේ යැයි බියක් ඇති බවත්ය

කෙසේ වෙතත් සියලුම ධීවරයන්ට ප්‍රංශ රජය තහනම පවතින කාලය තෙක් වන්දි ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා.

සමුද්‍ර මත්ස්‍යයින්ගේ සංරක්ෂණය වෙනුවෙන් පරිසරවේදීන් කළ ඉල්ලීමකට අනුව ප්‍රංශයේ ඉහළම පරිපාලන අධිකරණය වන රාජ්‍ය කවුන්සිලය විසින් මෙම තහනම පැනවීමට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This