පාකිස්ථානයේ දී චීන ඉංජිනේරුවරුන් පිරිසකට ප්‍රහාරයක් – 6 දෙනෙකු මරුට
චීන ජාතික ඉංජිනේරුවරුන් රැගත් රථ පෙළකට පාකිස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ප්‍රහාරය පාකිස්ථානයේ විදේශ ආයෝජනවල ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් වන බව විවිධ පාර්ශ්ව විසින් පෙන්වාදී තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.
පාකිස්ථානයේ පිහිටි චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.