පාකිස්ථානයේ හිම පතනය හේතුවෙන් 35 දෙනෙකු මරුට

පාකිස්ථානයේ හිම පතනය හේතුවෙන් 35 දෙනෙකු මරුට

සති අන්තයේ පාකිස්ථානයේ දුෂ්කර ප්‍රදේශවලට ආරම්භ වූ හිම පතනය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර ළමුන් 22 දෙනෙකුද වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු නායයෑම් හේතුවෙන් මියගිය බව සඳහන්.

මෙම අපදාමය තත්ත්වය පාකිස්ථානයේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට බලපා තිබෙනවා

මේ නිසා මාර්ග අවහිර වී නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මාර්තු මාසයේදී පාකිස්ථානයේ සෞම්‍ය කාලගුණයක් ඇති බැවින් බොහෝ දෙනා වර්ෂාව හා හිම පතනය නිසා පුදුමයටපත්වී තිබෙනවා.

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මුෂ්ටක් අලි ෂාහ් (Mushtaq Ali Shah) පවසන්නේ මෙම අසාමාන්‍ය තත්ත්වය කාලගුණික විපර්යාස නිසා ඇති වූවක් බවයි.

Share This