බලාපොරොත්තුවේ නිහඬතාව වන ආලේලූයා සෙනසුරාදා

බලාපොරොත්තුවේ නිහඬතාව වන ආලේලූයා සෙනසුරාදා

මහා සබත් දිනය හෝ, පාස්කුවට පෙර දිනය ලෙස හඳුන්වන ආලේලූයා සෙනසුරාදා අදට(30) දී තිබෙනවා.

මෙදින හඳුන්වන්නේ බලාපොරොත්තුවේ නිහඬතාව ලෙස වන අතර එලෙස හඳුන්වනු ලබන්නේ කුරුසියේ දිවිපිදූ ජේසුස් වහන්සේගේ උත්ථානය බලාපොරොත්තුවෙන් සිටින නිසයි.

ඒ අනුව කිතුණු දේවස්ථානවල අද මධ්‍යම රාත්‍රියේදී මෙම දිනය උත්සවාකාරයෙන් සමරනු ලබනවා.

මෙම දිනයේ විශේෂත්වය වන්නේ චතාරික සමය අවසන් වීමෙන් අනතුරුව දේවස්ථානයේ ප්‍රථමවරට සුරදූත ගීය හා ආලේලූයා ගායනා කිරීමයි.

එමෙන්ම අද දේවස්ථානයේදී ඉටි පහන දල්වන අතර එය අඳුර පරදවන ජේසුස් වහන්සේගේ ආලෝකය සලකුණු කරනවා.

ඉටි පහනේ ඇති AΩ ඇල්ෆා සහ ඔමේගා ජේසුස් වහන්සේ ආරම්භයත් අවසානයත් වන බව දැනුම් දෙනවා.

ඉටි පහනේ ගින්දර මගින් ජේසුස් වහන්සේගේ උත්ථානයත්, කුරුසිය මගින් ජේසුස් වහන්සේ හා සදාකාලික ජීවිතය, ඇණ පහ මගින් ජේසුස් වහන්සේගේ තුවාලත් වර්ෂය සඳහන් කිරීම මගින් දෙවිඳුන්ගේ සදාකාලික විසීමත් පෙන්නුම් කරන බවයි සඳහන් වන්නේ.

Share This