මත්තල වනජීවී ගැටලුවට තිරසර විසඳුම් සෙවීමට වනජීවී කාර්යාලයක්

මත්තල වනජීවී ගැටලුවට තිරසර විසඳුම් සෙවීමට වනජීවී කාර්යාලයක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව වන සත්ව ග්‍රහණය ඉහළ බැවින් එම සතුන් ගුවන්තොටුපළ සීමාවට පැමිණීමෙන් හානි සිදු විය හැකි නිසා ගුවන් සමාගම් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට මැලිකමක් දක්වනවා.

මත්තල ගුවන්තොටුපළ පාඩු ලබන ගුවන්තොටුපළක් බවට පත්ව ඒ හේතුවෙන්.

නව රජය පත්වීමත් සමඟ එම ගැටළුවට පිළියම් සෙවීමට අවධානය යොමු කරමින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට ගුවන්තොටු‍පළ සීමාවට පැමිණෙන සත්ව ගහනය පාලනය කර ගැනීමට හැකිව තිබෙනවා.

නමුත් මෙම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(09) වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත් වුණා.

පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කල කැබිනට් සංදේශයකට මේ වසරේ ඔක්තෝබර් 07 දින කැබිනට් මණ්ඩල තීරණයකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

අද පැවති සාකච්ඡාවේ දී සාකච්ඡාවට ලක්ව ඇත්තේ එම තීරණය ක්‍රියාත්මක කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ගුවන්තොටුපළට වන සතුන්ගෙන් සිදු වන බලපෑම අවම කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවයි.

“ අපි ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ මත්තලට මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔවුන්ගේ අවධානය යොමු වන ප්‍රධානම ගැටලුව වුණේ වනජීවීන් හේතුවෙන් සිදු විය හැකි හානි. අපි නව රජය පත්වීමත් සමඟ ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ගුවන්තොටුපළ සීමාව තුල වන ජීවීන් ගැවසීම අවම කරන්න අපට හැකි වී තිබෙනවා. ඒ පිළිබඳ ගුවන් සමාගම් සතුට පල කර තිබෙනවා. නමුත් මෙම වනජීවී කාර්යාලය පිහිටුවීම සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සමග වනජීවීන්ගෙන් විය හැකි බලපෑ හැකි හානි අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග උපරිම කරගත ගත යුතුයි” යැයි නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා මෙහිදී පැවසුවා.

ඉදිරියේදී පැමිණිය හැකි අභියෝග සහ එම අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

Share This