මලාවිහි ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ ස්ථානයකින් සොරකම් කරන ලද භාණ්ඩ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

මලාවිහි ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ ස්ථානයකින් සොරකම් කරන ලද භාණ්ඩ සමග දෙදෙනෙක් අත්අඩංගුවට

මොසැම්බික් දේශසීමාව ආසන්නයේ දකුණු නගරයේ Mwanza හි මලාවි ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකින් සොරකම් කරන ලද කාපට් එකක් එරට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා .

ජනාධිපති Lazarus Chakwera මහජන උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ නගරයකට භාණ්ඩ ගෙන යමින් සිටියදී කූඩාරමක් සමග මෙම කාපට් සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

මොවුන් දෙදෙනා සලේවා-මවන්සා මාර්ගයේ ප්‍රවාහන හා පොදු වැඩ අමාත්‍යාංශයේ වාහනයකින් මෙම භාණ්ඩ සොරකම් කර ඇති බවටයි සැක පළ කරන්නේ

ප්‍රධාන ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ මුල්ගල් තැබීම මෙන්ම නගරයේ අලුතින් ඉදිකරන ලද පොලිස් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති චක්වේරා Mwanza හි අපේක්ෂා කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This