
මැදිරිගිරියේදී මත් පෙති සග ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
පොළොන්නරුව, මැදිරිගිරිය, සමගිපුර 97, වෙඩිකචිය ප්‍රදේශයේ දී ඊයේ (19) මැදිරිගිරිය පොලිසියේ දුෂණ මර්දනය ඒකකය මගින් නිවසක් පරික්ෂාවට ලක් කර මත් පෙති සහ ගංජා සමග පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම නිවසේ තිබී මත් පෙති 240 සහ ගංජා මිලි ග්‍රෑම් 2620 ප්‍රමාණයක් සමග අදාල සැකකරු ද අත්අඩංගුවට ගත් බවයි.
ඔහු අවු. 31 වයසැති පුද්ගලයකු වන අතර සැකකරු අද (20) හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
