
මිලියන 4 කට අධික දුම්වැටි කටුනායකින් පන්නන්න යද්දී ගුවන් මගියෙක් අත්අඩංගුවට
රුපියල් හතලිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි රියැදුරුවරයෙක්.
ඔහු අද අලුයම 12.45 ට ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු රැගෙන ආ ගමන් මල්ල තුළ සහ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 28,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 140 සගවා ගෙන සිටියදී මෙසේ සොයාගෙන තිබුණා.
මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ලබන 10 දින මොහු සහ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
