මුං ඇට අස්වැන්න ඉහළට – මිල දී ගැනීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සූදානම්

මුං ඇට අස්වැන්න ඉහළට – මිල දී ගැනීමට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සූදානම්

මෙවර මුං ඇට අස්වැන්න අපේක්ෂිත මට්ටම ඉක්මවා ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසන්නේ ගොවීන් අපේක්ෂා කර ඇත්තේ අක්කරයකින් කිලෝ ග්‍රෑම් 250 – 300 අතර ප්‍රමාණයක් වුවත් මෙවර කොලෝ ග්‍රෑම් 350 – 400 ත් අතර ප්‍රමාණයක් දක්වා එය වැඩිවී ඇති බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මුං ඇට අස්වැන්න මෙට්‍රික් ටොන් 6500 ත් 7000 ක් පමණ වන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක් වෙන්නේ මුං ඇට අස්වැන්න නෙලීමට සම්බන්ධ වන්නේ බොහෝ විට කාන්තාවන් බැවින් ඔවුන්ගේ අත මිට සරුවීමට මෙය හේතු වී ඇති බවයි.

දිනක දී කාන්තාවකට මුං ඇට කිලෝ ග්‍රෑම් 40 ත් 50 ත් අතර ප්‍රමාණයක් නෙලීමට සමත් වන අතර මුං ඇට කිලෝ ග්‍රෑම් 1 ක් නෙලීම සඳහා ඔවුන්ට රු.100 ක මුදලක් හිමිවන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මුං ඇට අස්වැන්න ඉහළ යාමත් සමග ඒවා මිල දී ගැනීම සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ඊයේ (11) වීරවිල සහ ලුනම ප්‍රදේශවල මුං ඇට මෙට්‍රික් ටොන් 15 මිල දී ගත් බව කෘෂි කර්ම අමාත්‍යාංශ සඳහන් කළා.

අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පරිප්පු වෙනුවට මුං ඇට පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම වඩා වැදගත් වන බවයි.

Share This