මෙවර ඉන්දීය මහ මැතිවරණය අදියර හතකින්

මෙවර ඉන්දීය මහ මැතිවරණය අදියර හතකින්

මෙවර ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර හතකින් පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ.

මිලියන 968 ක පමණ ඡන්ද දායකයින් සිටින ඉන්දියාවේ මැතිවරණය ලොව දුටු විශාලතම මැතිවරණය වනවා.

වාර්තාගත ලෙස තෙවැනි වරටත් බලයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සහ එහි මිත්‍ර පාර්ශ්වයන් ජයග්‍රහණය කරන බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඉන්දීය අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය 2019 මැතිවරණයේදී ආසන 543න් 303ක් ජයග්‍රහණය කළා.

මේ වසරේදී එම පක්ෂය පවසන්නේ තම ඉලක්කය අවම වශයෙන් ආසන 370ක් දිනා ගැනීම බවයි.

සමහර ප්‍රාන්තවල මැතිවරණ අදියර කිහිපයකින් පවත්වන බවද සඳහන්.

ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී ජුනි 1 වැනිදා අවසන් වන බව රජිව් කුමාර් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ පහනක් වන අයුරින් ජාතික මැතිවරණයක් පැවැත්වීම පොරොන්දුව බවයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.

Share This