මොස්කව් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට

මොස්කව් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළට

රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි රුසියානු ආරක්ෂක අංශ ප්‍රධානියා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට දන්වා ඇත්තේ

එමෙන්ම, ප්‍රහාරකයින් ප්‍රසංග ශාලාවට ගිනි තැබීමට භාවිතා කරන ගිනි ගන්නා සුළු දියරයක් යොදා ගෙන ඇති බවයි රුසියාව පවසන්නේ

කෙසේ වෙතත් ජනතාව විසින් ප්‍රසංග ශාලා ගොඩනැගිල්ලේ කොටසක වැටක් අසල මල් ගෙනැවිත් තබා මිය ගිය අයට පුෂ්පෝපහාර දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This