යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාවෙන් බෝම්බ ප්‍රහාර

යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාවෙන් බෝම්බ ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට ගුවන් ප්‍රහාර කිහිපයක් දියත් කිරීමත් සමග කියෙව්හි පිපිරීම් කිහිපයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන දේශසීමා නගරයක් වන Lviv වෙත ද ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පෝලන්ත ගුවන් සීමාවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තම ගුවන් හමුදාව සක්‍රීය කළ බව පෝලන්තය දැනුම් දී ඇති බව සඳහන්.

යුක්‍රේනයේ කියෙව් අගනුවරට අද උදෑසන 05:00ට පමණ ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.

යුක්‍රේන හමුදාව ප්‍රකාශ කළේ තම ගුවන් ආරක්ෂක පද්ධති ප්‍රහාරය මැඩලීමේ නිරතව සිටින බවයි.

Share This