යුක්‍රේනය පදනම් කරගත් රුසියානු සන්නද්ධ කණ්ඩායම් රුසියාව වටලයි

යුක්‍රේනය පදනම් කරගත් රුසියානු සන්නද්ධ කණ්ඩායම් රුසියාව වටලයි

යුක්‍රේනය පදනම් කරගත් රුසියානු පැරාමිලිටරි කණ්ඩායම් තුනක් රුසියාවට ඇතුළු වී එහි රජයේ හමුදා සමග සටන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්‍රීඩම් ඔෆ් රුසියාව ලෙජියන් (FRL) සහ සයිබීරියානු බලඇණිය (SB) රුසියාවේ බෙල්ගොරොඩ් සහ කර්ස්ක් ප්‍රදේශවල තම සටන්කාමීන් පෙන්වමින් වීඩියෝ දර්ශනද හුවමාරු කරගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ එම සටන්කාමීන්ගේ ඉදිරි පියවරයන් ව්‍යර්ථ කළ බවයි.

යුක්‍රේන හමුදාව අද(12) ඔවුන් සිදුකළ දේශසීමා වැටලීම් ගැන කිසිදු සම්බන්ධයක් නැති බවට ප්‍රකාශයක්ද නිකුත් කර තිබෙනවා.

එරට හමුදා බුද්ධි අංශයේ ප්‍රකාශකයෙකු වන Andriy Yusov පැවසුවේ පැරාමිලිටරි කණ්ඩායම් රුසියානු ජාතිකයින්ගේ “ස්වාධීන සංවිධාන” බවත්, එබැවින් ඒවාට බලපෑම් කිරීමට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බවයි.

Share This