රැකබලා ගන්න දුන් දෙහිවල සත්තු වත්තේ සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩාටත් විදලා

රැකබලා ගන්න දුන් දෙහිවල සත්තු වත්තේ සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩාටත් විදලා

ඉකුත් දිනෙක කාන්තාවක විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ( Yellow Anacoda ) ඇතුලු සර්ප විශේෂ හතරකට අයත් සර්පයින් 6 දෙනකු කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් ඔවුන්ගේ බාරයට ගැනීමෙන් පසුව ජාතික සත්වෝද්‍යනය බාරයේ සිටියදී ඒ අතර සිටි කහ ඇන්කොන්ඩා සොරකම් කර තිබෙනවා.

මෙම සතුන් රැකබලා ගැනීම සදහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත භාර දී තිබුණේ පසුගිය සැප්‍තැම්බර් 15 දා යි.

පසුව මෙම සර්පයින් උරග උයන තුළ නිරෝධායනය සදහා යොමුකර සිටියදී ඉකුත් 07 දා අවුරුද්දක් වයසැති අඩි 1 1/2′ – 2′ දිග සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩා පැටවා සොරකම් කර ඇතිි බවට පැමිණිල්ලක් දෙහිවල පොලිසිය වෙත ක‍ර තිබෙනවා.

ඊට සම්බන්ධ කිසිවකු මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත් වනවා.

මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අධිකරණ නියෝග මත රැකබලා ගැනීමට ලබාදී තිබු විදේශීය පරෙවියන් 32 ඉකුත් ඔක්තෝබර් 04 දා සොරාගෙන තිබූ අතර ඊට සම්බන්ධ පුද්ගලයකු සොරාගත් පරෙවියන් 15 දෙනකු සමග ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශ‍ය මගින් පසුගිය 06 දා අත්අඩංගුවට ගත්තා.

Share This