
රිලව් , වඳුරු උවදුර නිසා කතරගම ගොවියන් දුකෙන් (VIDEO)
අධික ලෙස බෝවී ඇති වඳුරන් හා රිලවුන්ගේ ක්‍රියාකාරකම් මත කතරගම, තිස්සමහාරාම, බෙල්ලිහෙළ ගොවිතැන් කරන හේන් ගොවියන් වැඩිපිරිසක් සිය වගා කටයුතු නතර කර දැමීමට කටයුතු කර තිබෙනවා.
ගොවි සංවිධාන පවසන්නේ කිසිදු පාලනයකින් තොරව අධික ලෙස බෝවී ඇති වඳුරන්, රිලවුන් හා මොණරුන් යන සතුන් වගා බිම් වනසා දැමීම නිසා වගා කටයුතු කර අස්වැන්න ගත නොහැකි බවයි.
විශාල රංචු වශයෙන් සැරි සරණ මෙම සතුන් ජිනජීවිතයට එල්ල කර ඇත්තේ දැඩි පීඩනයක්.
මෙම වඳුරන් සහ රිලවුන් අල්ලා සුරක්ෂිිිිතව යාල ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමේ ක්‍රමවත් වැඩසටහනක් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිෂාන් ගුණසේකර මහතා සහ වන ජීවී නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ ද එය ස්ථිර පිළියමක් වී නැහැ.
මේ වන විට වඳුරන් ඇල්ලීම සඳහා ලකෂ ගණක වියදමින් සැදු යකඩ කූඩු දිරාපත් වෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.
දිස්ත්රී කමිටු රැස්වීම් වලදී ද මෙම වඳුරන් අල්ලා වෙනත් ප්‍රදේශ වෙත මුදාහරින ලෙස වන ජිවි නිළධාරින්ට දේශපාලනඥයන් උපදෙස් ලබා දී තිබුණ ද මේ දක්වා කතරගම වනජීවී නිලධාරීන් වඳුරන් හා රිලවුන් ඇල්ලීම සිදු නොකරන බවට ජනතාව මැසිවිලි නගනවා.
මේ සම්බන්ධයෙන් වනජීවී උසස් නිලධාරියකු සඳහන් කළේ මෙම වඳුරන් ඇල්ලීම සඳහා අවශ්‍ය නිලධාරීන් නොමැතිකමත් ප්රතිපාදනය මත ඇල්ලීම ප්‍රමාද වී ඇති බවයි.
මේ වන විට කතරගම ජනතාව මෙම වඳුරු හා රිලවවුන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ දැඩි අසරණ තත්වයට පත්ව සිටිනවා.
නිවෙස් උළු මෙන්ම රූපවාහිනි ඇන්ටනා,පොල් වගාවන් කරු පිංචා, රම්පෙ වැනි නිවෙස්වල වගා කරන භෝගද මෙම වඳුරන් කා දමන බව ප්‍රදේශවාසීන් පවසනවා.
