රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 06ක් මරුට – දස දෙනෙකුට තුවාල

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 06ක් මරුට – දස දෙනෙකුට තුවාල

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන Kharkiv වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා

ඒ අනුව රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 32 න් 28 ක් සහ මිසයිල හයෙන් තුනක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පැවසුවේ

ප්‍රහාරයෙන් නේවාසික ප්‍රදේශවලට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Kharkiv නගරාධිපතිවරයා පැවසුවේ අවම වශයෙන් ගොඩනැගිලි නවයක්, නේවාසිකාගාර තුනක්, පරිපාලන ගොඩනැගිලි ගණනාවක්, වෙළඳසැලක්, ඉන්ධන පිරවුම්හලක්, සේවා ස්ථානයක් සහ මෝටර් රථ වලට හානි සිදුව ඇති බවයි

Share This