රුසියාව සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක් කළ බවට යුක්‍රේන ජනපතිගෙන් චෝදනාවක්

රුසියාව සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක් කළ බවට යුක්‍රේන ජනපතිගෙන් චෝදනාවක්

බටහිර රුසියාවේ සිදුවූ මාරාන්තික ගුවන් අනතුරකින් පසු මොස්කව් “යුක්‍රේන සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන” බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky චෝදනා කරනවා

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ බෙල්ගොරොඩ් ප්‍රදේශයේ ඊයේ (24) සිදුවූ අනතුරෙන් පසු ඔහු ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා .

යුක්‍රේන යුද සිරකරුවන් 65 දෙනෙකු, රුසියානු කාර්ය මණ්ඩලය හය දෙනෙකු සහ පරිවාර භටයින් තිදෙනෙකු සමග කියෙව් Il-76 ගුවන් යානය බිම හෙළීමෙන් පසු දිවි ගලවා ගත් කිසිවෙකු නොමැති බවයි රුසියාව සඳහන් කරන්නේ

මොස්කව් කියා සිටියේ යුක්‍රේනියානුවන් සිරකරුවන් හුවමාරු කර ගැනීම සඳහා මෙලෙස ගමන් කරන බවයි.

මීට පෙර අවස්ථාවලදී මෙන් ආරක්ෂිත ගුවන් කලාපයක් සහතික කරන ලෙස තමන්ට දැනුම් දී නොමැති බව මේ පිළිබඳව අදහස් දක්වමින් යුක්‍රේන හමුදා බුද්ධි අංශ පවසනවා

යානයේ සිටි අය සම්බන්ධ කිසිදු තොරතුරක් ස්වාධීනව තහවුරු කළ නොහැකි නමුත් යුක්‍රේනයේ හමුදා බුද්ධි අංශ පැවසුවේ “එළඹී ඇති ගිවිසුම් යටතේ අපගේ ආරක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම” රුසියාවේ වගකීම බවයි.

Share This