
ලක්ෂ 50 වන්දි ලබාදීමේ දී සම්පූර්ණයෙන් නිවාස හානි වූ අයට පමණක් ලබාදිය යුතු බව ජනාධිපති අවධාරණය කරයි
ආපදා වෙන් හානියට පත් පිරිසට වන්දි ගෙවීමේ දී නිවස සම්පූර්ණයෙන් විනාශ වූ පිරිසට පමණක් ලක්ෂ 50 ක දීමනාව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (08) පැවති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බධීකරණ කමිටු රැස්වීමේ දීයි.
එහිදී ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ සුබසාධ කඳවුරුවල සිටින පිරිසට එම තැන්වල සිටීම අපහසුනම් සහ පදිංචිය නිවස සම්පූර්ණයෙන් විනාශවී ඇති අයට නිවසක් කුලියට ගැනීමට රු. 25,000 ක කුලී මුදල ලබාදෙන ලෙසයි.
එම පිරිසට ජනවාරි සහ පෙබරවාරි මාස දෙක සඳහා රු. 50,000 ක දීමනාවක් ලබා දෙන ලෙසට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
දැනට තිබෙන නිවසේ පදිංචිවිය නොහැකි පවුල් සඳහා තක්සේරු කළ වන්දියක් ලබාදීම සුදුසු නව ජනාධිපතිවරයා සඳහන් කළා.
අර්ධ නිවාසි හානි වූ පිරිසට උපරිම ලක්ෂ 25 කට යටත්ව අදාල වන්දි ලබාදීම සිදුකරන ලෙසත් පැවසූ ජනාධිපතිවරයා ආගමික ස්ථාන ප්‍රති සංස්කරණය චක්‍රලේඛයට ඇතුලත් කර නැති නිසා මේ සතියේ කැබිනග් මණ්ඩලයට ඉදිරිපත්කර එම ස්ථාන පිළිසකර කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් කරන බව ද පැවසුවා.
ජනාධිපතිවරයා පැවසුවේ එම ආගමික ස්ථාන පිළිසකර කිරීමට අදාල මුදල් ආගමික කටය්තු අමාත්‍යාංශය හරහා ල්බා දෙන බවයි.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් 299,222 ක් අතුරින් පසුගිය අයහපත් කාලගුණයෙන් විදුලි පද්ධති හානි වීමෙන් 197,798 කට විදුලි සැපයුම අහිමි වූ බව අනාවරණය වුණා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති සමස්ත ට්‍රාන්ස්පෝමර් 1315 අතුරින් ට්‍රාන්ස්පෝමර 844 කට හානි පැමිණ තිබුණා.
මේ වන විට හානි වූ ට්‍රාන්ස්පෝමර 798 ක් යථාතත්ත්වයට පත් කර ඇතැයි විදුලි බල මණ්ඩලය පැවසුවා.
විසන්ධි වී ඇති විදුලි සැපයුමෙන් මේ වනවිට 176,024 කට යලි විදුලි සැපයුම ලබාදී ඇති බවත් තවත් 21,774 කට සැපයුම ලබා දීමට ඇති බවත් ඊයේ පැවති රැස්වීමේ දී අනාවරණය වුණා.
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති බදුල්ල දිත්‍රික්කයේ ප්‍රධාන මාරග 36 කින් මාරග 25 කට හානි පැමිණ තිබූ අතර ඉන් මේ වනවිට 20 ක් යථාතත්ත්වයට පත් කර ඇතයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.
එහිදී පළාත් මාර්ග නිලධාරීන් පෙන්වා දුන්නේ එම දෙපාර්තමේන්තුවට අයත් මාරග 342 ක් අතරින් මාර්ග 170 කට හානි පැමිණ ඇති බවයි.
ඉන් මේ වනවිට මාග 142 ක් ගමනා ගමනයට සුදුසු ලෙස සකසා තිබෙනවා.
ඉතිරි මාරග 28 ඉදිරි සතිය තුල බොහෝ දුරට වැඩ අවසන් කළ හැකි බවට එහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.
පළාත් පාලන ආයතන සතු බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 5424 ක් අතරින් මාර්ග 1212 කර හානි පැමිණැ තිබූ අතර ඉන් 621 ක් පිළිසකර කර තිබෙනවා.
ඉතිරි මාර්ග 591 තුල පාලම් 97 ක් බිඳ වැටී ප්‍රතිසංස්කරණය කළ යුතුව පවතින බව අදාල නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.
මෙහිදී අනාවරණය වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ස්ථාපිත කර අති ජල යෝජනා ක්‍රම 95,915 ක් අතුරින් එම 95,915 ටම හානි පැමිණ තිබූ බව අනාවරණය වුණා.
ඉන් 95,165 ක් මේ වනවිට ප්‍රතිසංස්කරණය කර ඇති අතර තවත් 750 ක් පිළිසකර කිරීම් සිදුකරන බව ජල සම්පාදන නිලධාරීන් දැනුම් දුන්නා.
ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ජලය සපයන පද්ධතියේ 505 ක් අතරින් 44 කට හානි පැමිණ තිබූ අතර ඉන් 35 ක් මේ වනවිට යථාවත් කර තිබෙනවා.
එහි නිලධාරියකු පැවසුවේ ගැටලු මතු වූ පවුල් 4227 ක් අතුරින් මේ වනවිට පවුල් 3596 කට ජල සැපයුම සිදුකරන බවයි.
මෙම විදුලි , මහාමර්ග සහ ජල සැපයුම් පද්ධතියට ස්ථිර පිළියම් යෙදීම සඳහා ලබන වසරේ අය වැයෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් මුදල් ලබාගැනීම සඳහා කඩිනමින් ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදුන්නා.


