
ලසන්ත ගෙන් හිස් වූ වැලිගම ප්රාදේශීය සභාවට නව සභිකයෙක් නම් කරයි
වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්රමසේකර මහතා ඝාතනයෙන් පුරප්පාඩු වූ සබික ධූරයට තුප්පහි පටබැඳිගේ සමීර ධනුෂ්ක ද සිල්වා මහතා නම් කර තිබෙනවා.
නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ වැලිගම ප්රාදේශීය සභාවේ තේරීම් බාර නිලධාරීවරයා ලෙස පලාත් පාලන ඡන්ද විමසීමේ ආඥාපනතට අනුව මෙම පත්වීම සිදුකරන බවයි.
