ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා මිය යයි

ලොව වයස්ගතම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටි වෙනිසියුලානු ජාතික හුවාන් විසෙන්ටේ (Juan Vicente Perez Mora) මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 114ක් සම්පූර්ණ වී සිටියදී ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගිනස් වාර්තාව අනුව 2022 වසරේ දී අවුරුදු 112යි දින 253ක් වූ විට ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස ඔහු නිල වශයෙන් තහවුරු වී තිබුණා.

දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වන හුවාන් විසෙන්ටේ හට මුනුබුරු, මිනිබිරියන් 59 දෙනෙකු සිටින බව සඳහන්.

ගොවියෙකු වන ඔහු 1909 මැයි 27 වන දින ඇන්ඩියන් ප්‍රාන්තයේ Tachira හි El Cobre නගරයේ උපත ලබා තිබෙනවා.

Share This