වතුර නොමැතිව දුක් විඳින බැංගලෝරය

වතුර නොමැතිව දුක් විඳින බැංගලෝරය

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මිනිසුන් දහස් ගණනක් ජලය නොමැතිව පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි ජනතාව ජල ටැංකි සොයමින්, දින ගණනාවකට එක වතාවක් පමණක් ස්නානය කරමින් කල් ගෙවන බව සඳහන්.

ඉන්දියාවේ දකුණු අගනගරය ලෙස හැඳින්වෙන බැංගලෝර් කලකට ඉහතදී එහි සිසිල් කාලගුණය සහ සශ්‍රීක උද්‍යාන නිසා පාරාදීසයක් ලෙස හැඳින්වුණා.

බැංගලෝර් ඇති ලොකුම ගැටලුව ගමනාගමනය බව බොහෝ දෙනා පැවසුවත් ඇත්ත වශයෙන්ම ජල ගැටලුව වෙත ඊට වඩා අවධානය යෝඋමු කළ යුතු බවයි සිවිල් වැසියන් සඳහන් කරන්නේ.

බැංගලෝර් මිලියන 15 ක ජනතාවකට දිනකට අවම වශයෙන් ජලය ලීටර් බිලියන දෙකක් අවශ්‍ය වනවා.

මෙයින් 70% කට වඩා ජලය සපයන්නේ කාවේරි ගඟෙනි.

ගංගාව ආරම්භ වන්නේ කර්නාටක ප්‍රාන්තයෙන් වන අතර කාවේරි ගඟෙන් ජලය ලබාගැනීම සඳහා අසල්වැසි තමිල්නාඩු ප්‍රාන්තය සමග ආරවුල් උද්ගත වී ඇති බව සඳහන්.

ඉතිරි 30% (ලීටර් මිලියන 600) පැමිණෙන්නේ නගරයේ පර්යන්ත ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවනාලිය වන නළ ළිං මගින් නිස්සාරණය කර ටැංකි හරහා සපයන භූගත ජලයෙනි.

නමුත් පසුගිය වසරේ නිසි පරිදි නොලැබුණු වර්ෂාව නිසා භූගත ජල මට්ටම ක්ෂය වී ඇති බව ඇතැමුන් පෙන්වා දෙනවා.

ඒ නිසා ජලය සොයා ගැනීමට නව නළ ළිං ගැඹුරට හාරා ගත යුතු බව සඳහන්.

මේ නිසා දිනකට බැංගලෝර් ජල සැපයුමේ ලීටර් මිලියන 200 ක හිඟයක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This