වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 13 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රරහාරයෙන් රෝහල් ගතකළ පිරිස අතර වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

ඔවුන් ඇතුලත් කර ඇත්තේ බගවන්තලව ප්‍රාදේශීය රෝහල වෙතයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වතුයායේ එන්.සී. කොටසේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකටයි මෙසෙ බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

තේ පදුරක් මත බැද තිබූ බඹර කුඩුවක් වතුකම්කරු කන්තාවකගේ පය ගැටීමෙන් පසු බඹරුන් ඇවිස්සී තමන්ට පහර දුන් බවයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබන වතුකම්කරුවන් කියා සිටියේ.

Share This