
වන අලි ගැටලුවට හදපානාගල ගම්වාසීන් විසඳුම් ඉල්ලයි
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයේ වගා කර තිබූ පොල් ගස් සියකකට වැඩි ප්‍රමාණයක් වනඅලි විසින් විනාශ කර දමා ඇතැයි වාර්තා වනවා.
ගම්වාසීන් පවසන්නේ වනඅලි රංචුවක් මෙලෙස ඵලදාව නෙලීමට සුදුසු සහ ගෙඩි හට ගැනීමට ආසන්නව තිබූ පොළ් ගස් පෙරළා විනාශ කර ඇති බවයි.
වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයට වන අලි තර්ජනය පවතින අතර මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
