ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ නියෝජිතයා වූ විජිත හේරත්

ව්‍යවස්ථාදායක සභාවේ ජනපතිගේ නියෝජිතයා වූ විජිත හේරත්

ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.

එම නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

ඒ අනුව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කර ඇති අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ව්‍යවස්ථාදායක සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව සඳහන්.

ඒ අනුව නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව පළමු වරට ලබන මස 09 වන දින ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

Share This