
වැල්ලම්පිටියේ උත්සවයකට ගිහින් ගෝරි වී කපා කොටා අයෙකුට බරපතලයි
වැල්ලම්පිටිය , සෙනෝයි උත්සව ශාලාවේදී අද (17) අළුයම උත්සවයකට සහභාගී වු දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් මුල්කරගෙන ඇතිවූ සිද්ධියක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
පොලීසිය පවසන්නේ අදාල ගැටුම පිළිබඳ වැල්ලම්පිටිය පොලිසිය දැනුවත් කිරීමට පැමිණි පුද්ගලයකු හට වැල්ලම්පිටිය, කලවිටි ගොඩල්ල විහාරස්ථානය අසලදී මෙම දෙපිරිස විසින් කපා කොටා තුවාල සිදුකිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවටයි.
අදාල පිරිස වනාතමුල්ල ප්රදේශයේ පදිංචි පිරිසක් බව වාර්තා වනවා.
පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව වාර්ථා වූ අතර පහර කෑමට ලක් වූ පුද්ගලයා 23 හැවිරිදි චාමර සම්පත් නමැති අයෙක්.
