
වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම ස.ජ.බ. යෙන් ඉල්ලා අස්වෙයි
වැලිගම හිටපු නගරාධිපති, වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉල්ලා අස්වීම තිබෙනවා.
සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මග පෙන්වීම සමග නොගැලපෙන බව පවසමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවයි ඔහු අප සමග පැවසුවේ.
සිය පෞද්ගලික මතවාදය තවදුරටත් පක්ෂයේ මග පෙන්වීම සමග නොගැලපෙන බව පවසමින් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ බවයි ඔහු තම සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත්තේ.
අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, ඊයේ (06) තම ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායකවරයා වෙත යොමු කළ බවයි.
ඔහු සිය ලිපියේ දක්වා ඇත්තේ මෙලෙසින්.
” පක්ෂයේ වර්තමාන දිශානතිය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබදව හුදු පාක්ෂික දේශපාලණික දෘෂ්ටියකින් ඔබ්බට ගොස් ගැඹුරු ස්වයං විවේචනයක යෙදීමේදී, මාගේ හෘද සාක්ෂිය සහ පක්ෂයේ ගමන් මග අතර දැඩි දෘෂ්ඨිමය විෂමතාවක් නිර්මාණය වී ඇති බව තේරුම් ගතිමි.
රාජ්‍ය නායකත්වයේ සහ රාජ්‍ය තන්ත්‍රයේ පවතින අර්බුද හමුවේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය හුදු අර්ථශූන්‍ය ප්‍රහසනයක් බවට පත්ව ඇති මොහොතක එකි ව්‍යුහාත්මක සීමාවත් අතික්‍රමණය කොට වඩාත් පුළුල්වූත්, අපක්ෂපාතී වූත් ජාතික මෙහෙවරකට අවතීර්ණ වීම කාලීන ධර්මතාවයක් ලෙස මම දකිමි.
මාගේ පක්ෂය කෙරෙහි පවත්නා බැදීම අභිබවා යන මාගේ දේශය කෙරෙහි ඇති වගකීම පෙරදැරි කරගෙන, ස්වාධීන දේශපාලන මාවතක් තෝරා ගැනීමේ අභියෝගාත්මක තීරණයකට එළැඹීමට මම අදහස් කලෙමි.
මෙය මාතෘභූමිය අභියස පවතින කෙටි මධ්‍යම සහ දිර්ඝ කාලීන අභියෝග ජය ගැනීම වස්, පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා ගනු ලැබූ තීරණයක් බව අවධාරණය කරනු කැමැත්තෙමි.
ඒ හෙයින් අද දින සිටි බල පැවැත්වෙන පරිදි සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වෙන බව මෙයින් දන්වා සිටිමි. ”
උපුටා ගැනීම අවසන්…

