වී ගන්නේ නැතැයි ගොවි‍යන්ගෙන් ආණ්ඩුවට මැසිවිලි

වී ගන්නේ නැතැයි ගොවි‍යන්ගෙන් ආණ්ඩුවට මැසිවිලි

ලබන සතිය වන විට මෝල් හිමියන් විසින් වී මිලදී ගැනීම සම්පූර්ණයෙන් නතරකිරීමේ සූදානමක් පවතින බවට විශ්වාසදායි ආරංචි ලැබී ඇති බව ගොවි සංවිධාන පවසනවා.

ගොවි සංවිධාන චෝදනා කරන්නේ ඒ හරහා නැවත වරක් රජය මහාපරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීමේ අධිකාරී බලය ලබා දී ඇති බවටයි.

මේ වන විටත් දිවයිනේ ප්‍රදේශ රැසකම යල කන්නයේ අස්වනු නෙලීම ආරම්භ වී පැවතියත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ගොවි ජනතාව චෝදනා කරනවා.

වී සඳහා රජයේ මිල ගණන් යටතේ වී මිලදී ගැනීම තවමත් ක්‍රියාත්මක නොමැති පසුබිමක පෞද්ගලික වෙළෙඳුන් තමන් ළඟටම පැමිණ වී මිලදී ගන්නා බැවින් ඔවුන්ට ලබා දීම තමන්ට පහසුවක්ව ඇති බවටයි ගොවීන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අනුරාධපුර ඇතුළු ප්‍රදේශ රැසකම තවමත් රජයේ වී ගබඩා විවෘත කර නොමැති බවට ගොවි ජනතාව චෝදනා කරනවා.

Share This