ශ්‍රීපාදයේ පානීය ජලය අපිරිසිදුකර හොද්ද බොරකරගන්න පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රීපාදයේ පානීය ජලය අපිරිසිදුකර හොද්ද බොරකරගන්න පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රී පාද සමයේ බැතිමතුන්ගේ ජල පහසුකම් සපයා දීම වෙනුවෙන් ස්වෙච්ඡා සංවිධාන මැදිහත්වී ලබාදී ඇති ජල සැපයුම විනාශ කිරීමේ සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ශ්‍රී පාද සමය ආරම්භ වීම පිළිබඳ පැවති පළමු සාකච්ඡාවේදී අනාවරණ වුණා.

ශ්‍රී පාදයේ ජල බෝතල අලෙවිකරන කණ්ඩායමක් සංවිධානාත්මකව මෙලෙස පොදු ජල පහසුකම් විනාශ කරන බවටයි සැකකෙරෙන්නේ.

මෙවර සිරිපා සමය ලබන මස 4 වැනිදාට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පිළිබඳ මූලික සාකච්ඡාව පසුගියදා ශ්‍රී පාද විහාරාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය සහ තවත් පාර්ශ්ව රැසක නියෝජිතයන් එක්ව සිටියා.

මෙහිදී ශ්‍රී පාදස්ථානය පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා ස්වෙච්ඡා සංවිධානයක් විසින් ඉදිකෙරුණු ජලනල පද්ධතියට හානිකරන සංවිධානාත්මක කටයුත්තක් පිළිබඳව අනාවරණ වුණා.

Share This