
ශ්‍රී ලංකාවේ වනාන්තර රකින නව දුරකතන අංකය
ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබාදීම සඳහා හෙට (03) සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
පරිසර අමාත්‍යංශය පවසන්නේ ඒ අනුව “1995” නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබා දිය හැකි බවයි.
