
ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා නිලධාරීන් 2086 කට උසස්වීම්
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සමාජ, පාරිසරික හා සදාචාරාත්මක මුලපිරීම් ආවරණය වන පරිදි සිය 75 වන සැමරුමද අභිමානවත්ව සමරනු ලැබුවා.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා ගේ නිර්දේශය මත නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් එහිදී කටයුතු කළා.
