ශ්‍රී ලංකා යුද හමුදාව සමග පාකිස්තාන යුද හමුදාව අත්වැල් බැඳගෙන අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

ශ්‍රී ලංකා යුද හමුදාව සමග පාකිස්තාන යුද හමුදාව අත්වැල් බැඳගෙන අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

ගම්පොළ, කුරුඳුවත්ත ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් වෙලිකන්ද ප්‍රදේශයේදී නාය යාමකින් ජීවිත රැසක් ඊට ගොදුරු වුණා.

දැඩි වර්ෂාව සමඟ පසුගිය නොවැම්බර් මස 27 වැනිදා රාත්‍රියේ විශාල පස් කන්දක් නාය යාමට ලක්වීම නිසා එහි තිබූ නිවාස 4 ක් සම්පූර්ණයෙන් ‍යටවී තිබෙනවා.

මෙම නාය යාමෙන් එහි සිටි පුද්ගලයින් අට දෙනකු ඊට යට වූ බව ගම්වාසීන් සඳහන් කළා.

මෙම පිරිසෙන් පසුව ඊට යටවී මියගිය සිරුරු 4 සොයා ගැනීමට ගම්වාසීන් සමත්ව තිබුණා.

ඔවුන් පවසන්නේ තවත් සිරුරු 4 ක් කන්දට යටවී ඇති බවයි.

මෙම සිරුරු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින්ට මෙරටට පැමිණ සිටින පාකිස්තානු යුද හමුදාවේ නිලධාරීන් ගේ ද සහය හිමිවීම කැපී පෙනෙනවා.

මෙම සිරුරු සොයා ගැනීම සඳහා පකිස්තානයෙන් මෙරටට රැගෙනවිත් ඇති සුනඛයින් ගේ ද සහාය ලබාගනිමින් ඔවුන් සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටිනවා.

 

Share This