ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය

ලොව ප්‍රථම හා එකම ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පූජෝත්සවය, හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙස පිහිටි පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, පෙරහැරෙහි වැඩමවාගෙන පැමිණියේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ලෝක පූජිත
අති උතුම් ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේ විසිනි.

අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු කරන ලදි.

ලින්ග් රින්පොචේ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් සධාතුක රන් කරඬු වහන්සේ, අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයෙහි නමස්කාර පූර්වකව තැන්පත් කිරීම සිදුවූ අතර එම මෙම අවස්ථාවට ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක, අතිගෞරවාර්හ ආචාර්ය
වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ ද සහභාගී වුණා.

පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවයෙන් අනතුරුව, ප්‍රදේශවාසී දූ දරුවන් 100 දෙනෙකු සඳහා පොත් හා පාසල් උපකරණ ඇතුළු කට්ටලයක් බැගින් ලබාදීම සිදුකෙරුණේ ලින්ග් රින්පොචේ නාහිමිපාණන්ගේ සුරතිනි.

මෙහිදී ලින්ග් රින්පොචේ නාහිමි විසින්ිණමබාමබ ්‍ය්චචසබැි ඍැඑරු්එ’ භාවනා මධ්‍යස්ථානය උදෙසා
ශෛල ප්‍රතිෂ්ඨාපනය කරන ලදි.

මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම ද මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව සිදු කෙරුණ අතර මැණික් ගලින් නිමවන ලද ලින්ග් රින්පොචේ නාහිමිපාණන්ගේ ඡායාරූපයක් ද, ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා විසින් උන්වහන්සේට පිරිනමන ලදි.

පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැදපුදා ගැනීම සඳහා මහනාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියා.

බෞද්ධ සහෝදරත්ව පදනමෙහි සභාපති, ‘පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ’ සභාපති ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා, ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය, ඇතුළු කාර්ය මණ්ඩලය, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද ඇතිව මෙම වැඩසටහන සංවිධානය
කර තිබුණා.

Share This