සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වන ව්‍යාජ පුවතක් ගැන මහජන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වන ව්‍යාජ පුවතක් ගැන මහජන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සිදු කළේ යැයි සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ ප්‍රවෘත්තියක් සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇතැයි එම අමාත්‍යාංශය පවසනවා.

එකී ප්‍රවෘත්තිය මගින් දක්වා ඇත්තේ දකුණු පළාතේ සිට ආධාර රැගෙන එන ලොරි රඨ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇති බවට ආනන්ද විජේපාල අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවටයි.

අමාත්‍යාංශය පවසන්නේ මෙකී සාවද්‍ය ප්‍රවෘත්තිය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවයි.

රට තුල දැඩි ආපදා තත්ත්වයක් පවතින පසුබිමකදී පවා මෙවන් සාවද්‍ය ප්‍රවෘත්තීන් හරහා ආපදාවෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැපයීමේ කටයුතු අඩාල කිරීමේ අරමුණින් මෙම සාවද්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කරඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වැඩි දුරටත් නිවේදනය කරනවා.

ඒ අනුව දකුණු පළාතෙන් පැමිණෙන ආහාර රැගත් ලොරි රථ සඳහා විශේෂ පරීක්ෂාවක් කිරීමට කිසිදු උපදෙසක් ලබාදී නැති අතර මෙවන් ආපදා තත්ත්වයක දී පවා සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වන සාවද්‍ය ප්‍රවෘත්තීන් වලින් නොරැවටෙන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

Share This