
“ස්නේහයේ සත්කාරක යාත්‍රා” ගාල්ලෙන් මහනුවරට
සුළි සුළඟින් සහ ගංවතුර තත්ත්වයෙන් ඇතිවූ ආපදා හේතුවෙන් මහනුවර දිත්රික්කයට සිදුව ඇති හානිය විශාලයි.
මේ නිසා තවමත් නාය යාමට ලක් වූ බොහොමයක් ස්ථාන තවමත් පවතින්නෙ අවහිරවී නිසා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම පහසු නෑ.
ලෝකෙ වෙන රටකින් දකින්නට නැති අපේ රටේ තිබෙන ගුණයක් නිසා මේ විපතට පත් වූවන් කඩිනමින් සුවපත් කරන්න හැකියාව තිබෙනවා.
ඒ තමයි අනෙකාට විපතක් වූ විට උපකාරයට දක්වන බහුතර ජනතා උනන්දුව.
මෙහෙම දකුණේ – ගාල්ලෙන් බෙහෝ පිරිසක් වගේම ආධාරත් අරගෙන මහනුවරට පිරිස් යන ආකාරය අපි දැක්කා.
ඉතාම දුෂ්කරතා යටතේ එහි සිටින විපතට පත් වූ ජනතාවට ගාල්ලෙන් ගිය පිරිසක් මේ දිනවල යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.
බූටාවත්ත ප්‍රදේශයේ කුඹුරු අක්කර 30 ක ප්‍රමාණයකට වතුර සපයන පිටවාන නායයෑම් නිසා පස් එකතු වී අවහිරව තිබූ අතර එම කුඹුරු වතුර නොමැති වීම හේතුවෙන් තවත් දවස් තුනක් වගේ ඇතුලත විනාශ වීම සිදු වන බව දැනගැනීමට ලැබීමත් එක්කෙහි ගිය පිරිසක් එය පිළිසකර කිරීම් ආරම්භ කළා.
බද්දේගම සහෝදරත්වය රැගෙන මේ වෙනුවෙන් පැමිණි අපේම සහෝදර සහෝදරියන් බූටාවත්ත ප්‍රදේශයේ සහෝදර, සහෝදරියන් සමඟ එක්ව පිළිසකර කිරීම් ආරම්භ කළා.
මේ කුළුනු ගුණ ඇති මිනිසුන් අපට සිහිපත් කරන්නේ සුළි කුණාටුවකට ඊට වඩා ප්‍රබල ව්‍යසනයකට බිඳ දැමිය නොහැකි මිනිස් ගුණයක් අප සතුව පවතින බවත් , එනිසාම අප ආයෙමත් නැගී සිටින බවත් කියන පනිවිඩ යයි.



