ස්වසනාබාධයක් හේතුවෙන් දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කළ ජර්මන් ජාතික දරුවෙක් මරුට

ස්වසනාබාධයක් හේතුවෙන් දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කළ ජර්මන් ජාතික දරුවෙක් මරුට

කිරින්ද පොලිස් වසමේ අලිඹළුවැව, කිරින්ද, තිස්සමහාරාම ලිපිනයේ පිහිටි යාල ජංගල් හෙවන් හෝටලය වෙත ඊයේ (06) නවාතැන් ගැනිම සදහා පැමිණි ජර්මන් ජාතික යුවලක් සමග සිටි වයස අවු: 03 ක් පමණ වන කුඩා දරුවෙකු හට ඇතිවූ හුස්ම ගැනිමේ අපහසුතාවය හේතුවෙන් අද (07) දහවල් දෙබරවැව මූලික රෝහල වෙත ඇතුළත් කර හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් පොලීසිය පැවසුවේ එහිදී ප්‍රථිකාර ලබමින් සිටියදි එම දරුවා මියගොස් ඇති බවයි.

මව, පියා සහ සහෝදරයා සමගින් ඔවුන් මෙම හෝටලයට පැමිණ ඇති බව සඳහන්.

මෙම දරුවාගේ මියයාම සම්බන්ධව දෙබරවැව රෝහල් පොලිසිය මගින් අද තිස්සමහාරාමය පොලිස් ස්ථානය දැනුවත් කර ඇති බව අනාවරණය වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හොන්රි කර්ස්ටන් (HENRI KURSTEN) නමැති දරුවෙක්.

Share This