සුළිකුණාටුවෙන් විපතට පත් වූවන්ට සෙත් පතා කළුතර දී ආගමික වතාවත්

සුළිකුණාටුවෙන් විපතට පත් වූවන්ට සෙත් පතා කළුතර දී ආගමික වතාවත්

දිට්වා සුළි කුණාටුවෙන් විනාශවූ රට ගොඩනැගීම සහ ව්‍යසනයට ගොදුරුවූ ජනතාවගේ ජීවිත නගාසිටුවීම, මියගොස් ඇති අයවලුන්ට පිං අනුමෝදන් කිරීම මෙන්ම රටට සෙත් ප්‍රාර්ථනා කර ආශීර්වාද කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණා.

කළුතර බෝධීන් වහන්සේ අභියස පැවැත්වූ වැඩසටහන කෝට්ටේ කළ්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශවයේ අනුනායක සහ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නෙළුවේ සුමනවංශ සහ මලේගොඩ සිරිනන්දන පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍ය මලේගොඩ නන්ද යන හිමිවරුන් ගේ ප්‍රධානත්වයෙන් සිදුකළා.

කළුතර සිරිකුරුස දෙවස්ථානයේ ප්‍රධාන පියතුමන් වන ඩිල්රන් පීරිස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් එම දේවස්ථානයේදී දිව්‍ය පූජාව සිදුකරනු ලැබුවා.

මෙම වැඩසටහන් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද එකව සිටියා.

Share This