
සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක්
රියාද්හි පිහිටි FSC මූලස්ථානයේදී, සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය (FSC) සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (SLFCC) අතර අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා – සෞදි අරාබි ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලය ඊයේ (11) අත්සන් තබා තිබෙනවා.
විදේශ රැකියා, විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.
ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන අවස්ථා ඉස්මතු කරමින් සෞදි වාණිජ මණ්ඩල සම්මේලනය ඇමතීම ද එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා සිදු කළා.
ව්‍යාපාර කවුන්සිලය ස්ථාපිත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඊට එක් වූ සෞදි වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති හසන් අල්-හුවයිසි සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සභාපති කීර්ති ගුණවර්ධන යන මහත්වරුන්.
සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සහ සෞදි වාණිජ මණ්ඩල සභාපති හසන් අල්-හුවයිසි අත්සන් කළ අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනු ලැබුවා.
අමාත්‍ය විජිත හේරත් මහතා මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙය දෙරට අතර දිගු කලක් බලා සිටි පළමු B2B සංසදයක් වන අතර එය දෙරට අතර බෙහෙවින් අවශ්‍ය පෞද්ගලික අංශයේ අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනු අති බවයි.


