හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් 4ක් මරුට
හංගේරියාවේ මෝටර් රථ තරගාවලියක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
එම අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූවන් ඉවතට ගෙන යාමට ගිලන් රථ මෙන්ම හෙලිකොප්ටර් යානා ද යොදවා තිබූ බව සඳහන්.
මෙම අනතුරත් සමග තරගාවලිය අත්හිටුවීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.