BREAKING NEWS

හදිසි ආපදා තත්ත්ව‍යෙන් පසු ජන ජීවිතය යථාතත්ත්වට පත් කිරීමට භාණ්ඩාගාර ලේකම් ගෙන් විශේෂ චක්‍රලේඛයක්

හදිසි ආපදා තත්ත්ව‍යෙන් පසු ජන ජීවිතය යථාතත්ත්වට පත් කිරීමට භාණ්ඩාගාර ලේකම් ගෙන් විශේෂ චක්‍රලේඛයක්

හදිසි ආපදා තත්ත්වය යටතේ බිඳ වැටී ඇති ජන ජීවිතය යථාතත්ත්වට පත් කිරීමට හැකිවන පරිදි භාණ්ඩ වැඩ හා උපදේශන නොවන සේවා සඳහා වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ අත්පොත 2024 හි සඳහන් 3.1.8. වගන්තිය අනුව බාධාවකින් තොරව හා කඩිනමින් කටයුතු කරන ලෙස භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ලේකම්වරුන්,දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ මාර්ගෝපදේශ සංග්‍රහය සහ අත්පොතෙහි 2.9 වගන්තිය යටතේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට රු.මි. 750 ක මූල්‍ය සීමාවක් ලබා දී ඇති බවයි.

එසේම දෙපාර්තමේන්තු ප්‍රධානියකුට රු.මි.400 ක සීමාවක් තුල කටයුතු කිරීමේ හැකියාවඇති බව ද භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා.

ඒ අනුව ප්‍රකාශයට පත්කර ඇති විස්තීර්ණ ආපදා තත්ත්වය යටතේ සිදුකළ යුතු වියදම් කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයකුට හා පළාත් ප්‍රධාන ලේකම්වරයකුට රු.මි.150 ක් දක්වා සහ දෙපාර්තමේන්තු ප්‍රධානියකුට දිස්ත්‍රි ලේකම්/දිසාපතිවරයකුට රු.මි.100 ක් දක්වා දැ‍රිය හැකි බව ද භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම නිකුත් කර ඇති ච්ක්‍ර ලේඛයේ දැක් වෙනවා.

ඉහත සීමාවන් ඉක්මවා කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නම් කඩිනමින් භාණ්ඩාගාර ලේකම්ට දැන්වීමට කටයුතු ක‍රන ලෙසත් මෙම චක්‍ර ලේඛය මගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

 

Share This