හමාස් හමුදා නායකයා මියගිය බව අමෙරිකාව කියයි

හමාස් හමුදා නායකයා මියගිය බව අමෙරිකාව කියයි

හමාස් නායක මාවන් ඉසා (Marwan Issa) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ධවල මන්දිර නිලධාරි ජේක් සුලිවන් (Jake Sullivan) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඊශ්‍රායල-පලස්තීන යුද්ධය ආරම්භ වූ දිනයේ සිට මියගිය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයා ඉසා බවට පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ගාසා තීරය පාලනය කරන පලස්තීන කණ්ඩායම ඔහුගේ මරණය පිළිබඳ වාර්තා මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

Share This