
හලාවත – කොළඹ මාර්ගය මයිලන්කුළම ප්රදේශයෙන් අලුත් වැඩියාවකට වසයි
හලාවත කොළඹ ප්රධාන මාර්ගයේ මයික්කුලම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් අද පෙරවරු 08 ට හලාවතින් හා කාක්කපල්ලියෙන් ප්රධාන මාර්ගය
වසා දැමීමට හලාවත පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මේ ස්ථානය අලුත්වැඩියාවක් සිදු කරන්නේ වසර 25 කට පමණ පසුවයි.
හලාවත සිට කොළඹ දෙසට ගමන් කරන වාහන වලට හලාවත වෙරළ මාර්ගය භාවිතා කළ හැකි අතර කොළඹ සිට හලාවත දෙසට පැමිණෙන බර වාහන වලට
කාක්කප්ල්ලියෙන් පැමිණ හලාවතට පැමිණිය හැකියි.
මේ හේතුවෙන් අද දිනයේ හලාවත නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබුණ බව අප වාර්තාකරු පැවසුවා.
