හවුති මිසයිල ප්‍රහාරයකින් ඒඩන් බොක්කෙහි තෙල් නැවක් ගිනි ගනී

හවුති මිසයිල ප්‍රහාරයකින් ඒඩන් බොක්කෙහි තෙල් නැවක් ගිනි ගනී

යේමනයේ හවුති සටන්කාමීන්ගේ මිසයිල ප්‍රහාරයකින් පසු ඒඩන් බොක්කෙහි තෙල් නැවක් ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය ප්‍රධාන නැව් මාර්ගයේ ඉරානයේ සහය ලබන හවුති කණ්ඩායමට සම්බන්ධ නවතම සිදුවීම වනවා.

බ්‍රිතාන්‍ය තෙල් ටැංකියේ ක්‍රියාකරු Marlin Luanda කියා සිටියේ යාත්‍රාව රතු මුහුද හරහා ගමන් කිරීමෙන් පසු ඒඩන් බොක්කේදී මිසයිලයකට හසු වී ඇති බවත්, නැවෙහි ඇති වූ ගින්න මැඩපැවැත්වීමට සහ පාලනය කිරීමට යානයේ ගිනි නිවීමේ උපකරණ යොදවා ඇති බවත්ය.

ඉරානයේ සහය ලත් හවුති සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, යේමනයට එරෙහි ඇමරිකානු-බ්‍රිතාන්‍ය ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් සහ පලස්තීන ජනතාවට සහය දැක්වීමක් ලෙස ඔවුන් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

Share This