හිටපු DIG අතුරුදන් කථාව අසත්‍යක්

හිටපු DIG අතුරුදන් කථාව අසත්‍යක්

CID යේ, ලක්ශ 75 ක වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි අද (21) පුවත්පතක් වාර්ථාකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පදිංචි නිවසේද හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා නොමැති බවයි.

එහෙත් එම සියලු තොරතුරු අසත්‍ය බවයි හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා පවසන්නේ.

ඒ අනුව අදාළ වාර්ථාව අසත්‍යයි මෙන්ම තමා අතුරුදන් බවට පලවන පුවත්ද පදනම් විරහිත බව රොහාන් ප්‍රේමරත්න මහතා පවසනවා.

සමාජ මාධ්‍යතුල පලවූ අසත්‍ය පුවතක් පදනම් කර ගනිමින් එම පුවත නිර්මාණයවී ඇති බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Share This