
හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ඇප
අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතායි.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කළා.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියම කළේ පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටයි.
