හුරුලු වැවෙන් තවත් උන්ඩ තොගයක් මතුවේ

හුරුලු වැවෙන් තවත් උන්ඩ තොගයක් මතුවේ

හුරුලු වැවේ තිබී උන්ඩ තොගයක් පොලීසිය සොයගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ119 හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරින් ඊයේ (11) සවස හුරුලු වැව පත්තිනි දේවාලය අසල නාන තොටුපළ පරීක්ෂා කිරීමේදී මෙම උන්ඩ තොගය හමු වූ බවයි.

එම ස්ථානයේ තිබී ටී 56 උන්ඩ 21 ,mpmg උන්ඩ 33 ක්, 9 mm හිස් පතුරන් කොපු 100 වැඩි ප්‍රමාණයක් හා දුම්බෝම්බ 01 ක් සොයා ගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පැවසුවා.

මෙම ස්ථානයේ මීට පෙරද උන්ඩ තොගයක් තිබී ගලෙන්බිදුණුවැව පොලිසිය සොයාගත්තා.

එම අවස්ථාවේ කිසිවකු ගෙනැවිත් දමා ඇති උන්ඩ තොගයේ කොටසක් වැවේ ජලය බැස යාම හේතුවෙන් මතුවී ඇති බවට පොලිසිය සැක පල කරනවා.

Share This