හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ 21 දෙනෙකු බේරා ගැනේ

හූති ප්‍රහාරයට ලක්වූ නෞකාවේ 21 දෙනෙකු බේරා ගැනේ

හූති මිසයිල ප්‍රහාරයකට ලක්වූ වෙළඳ නෞකාවේ සිටි 21 දෙනෙකු බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත් වී තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

බාබඩෝස් ධජය සහිතව භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක් ඉලක්කර යේමනයේ ඒඩ්න් වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදි හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

යේමනයේ ඒඩන් නගරයේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 50ක් පමණ දුරකදි එම ප්‍රහාරය සිදුව තිබූ බව සඳහන්.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඉන්දියා, වියට්නාම් සහ පිලිපීන ජාතිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩල සාමාජිකයින් එහි සිට ඇති අතර නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂකයින් තිදෙනෙක් සිට තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙක්ම ශ්‍රී ලාංකිකයින් වන බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Share This