හෙටත් දිවයිනේ පළාත් කිහිපයකට කඩින් කඩ වැසි

හෙටත් දිවයිනේ පළාත් කිහිපයකට කඩින් කඩ වැසි

දිවයින හරහා ක්‍රමයෙන් ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 36 ක කාලය තුල උතුරු,උතුරු මැද,නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි.

මීට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන අළුයම් කාලයේ දී මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මල්වතු ඔය ආශ්‍රිතව සිටින පුද්ගලයින් අවදානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අද ප.ව. 3.00 වන විට මල්වතු ඔයේ ජල ධාරිතාවය අක්කරයට ඝන අඩි 5.73 ක් ලෙස දැක් වුණ බවයි.

Share This